T20 තරගාවලියක කුසලානයක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ශාරීරික අභියෝගතා සහිත ක්‍රීඩකයන්ගේ T- 20 ක්‍රිකට් ක්‍රිකට් තරගාවලිය 3 – 0ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා කණ්ඩායම එම ජයග්‍රාහී කුසලාන රැගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඉන්දීය කණ්ඩායම සමග ඉන්දියාවේ චෙන්නායි නුවරදී යි තරග 3 කින් සමන්විත තරගාවලිය පැවැත්වුණේ.

ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ AI – 278 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ඔවුන් පිළිගැනීම සදහා හිටපු අමාත්‍ය සරත් වීරසේකර, ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ලක්ෂාන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා….

“ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති T – 20 ක්‍රිකට් තරගාවලියේ දී තරග 3 – 0 විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා. එහිදී කණ්ඩායමේ නායක සනී, උප නායක උදාර ඇතුළු කණ්ඩායම මහත් වෙහෙසක් ගෙන ක්‍රීඩා කළා. ඒ වගේම හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අපට පුපුහුණුවීම් සදහා අපහසුතා ඇති වී තිබෙන විට අපට ශ්‍රී ලංකා නාවික හමුදා සහ යුධ හමුදා ක්‍රීඩා පිටි ලබා දුන්නා. ඒ වගේම ක්‍රීඩකයන්ගේ ආහාර සහ පෝෂණය පිළිබඳ වගකීම භාර ගනිමින් ඒවා සම්පාදනය කළා. එමෙන්ම ප්‍රධාන පුහුණුකරු නුවන් සොයිසා , ප්‍රධාන උපදේශක අනූෂ සමරනායක යන මමහත්වරුන් මුදල් නොගෙන ස්වෙච්ඡාවෙන් එම කටයුතු වල නියැලෙමින් අපිට සහාය දැක්වූවා.”

ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද නියමිත බවයි ලක්ෂාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18