spot_imgspot_img

Shell ඉන්ධන පිරවුම්හල් 200ක් මෙරටට ගෙන එන ගිවිසුමකට අත්සන් තැබේ

ඇමරිකා එක්සත් ජනපදයේ RM Parks Inc සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.

මෙලෙස අත්සන් කළ ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුක්ත බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

මෙම නව ගිවිසුමට අනුව සුප්‍රසිද්ධ Shell නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා අවස්ථාව හිමි වෙනවා.

ඒ, අනුව RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඊට අමතරව මෙම ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපිත කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?