RCB කණ්ඩායම කල් වේලා ඇතිව IPL 2025 අවසන් මහා සටනට

IPL 2025 තරගාවලියේ වේලාසනින් ම අවසන් මහා තරගයට පිවිසීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ (29) රාත්‍රියේ නව චාන්දිගර් නුවර දී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම 08කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ RCB නායක ජිතේෂ් ශර්මා පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

ඒ ඇරයුමෙන් පළමු ව පිතිකරණයට පැමිණි PBKS සියලු දෙනා ලකුණු 101කට දැවී ගියා.

RCB වෙනුවෙන් සුයාශ් ශර්මා සහ ජොෂ් හේසල්වුඩ් කඩුලු තුන බැගින් දවා ගත්තා.

යාශ් දයාල් කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් භුවනෙෂර් කුමාර් සහ රොමාරියෝ ෂෙපර්ඩ් විසින් බිඳ හෙලනු ලැබුවා.

තරගය ජයග්‍රහණයට ඉතා පහසු ඉලක්කයක් හඹා ගිය RCB කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සපථ කළා.

පිල් සෝල්ට් නොදැවී ලකුණු 56යි.

මෙම ජයත් සමග එළඹෙන ජුනි 03 අහමදාබාද් හි දී පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ අවසන් මහා තරගයට පිවිසීමට RCB කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?