spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

QR ක්‍රමය අප්‍රේල් 10 ඉවත් කරන්නේ නැහැ – ඇමති කාංචන

ජාතික ඉන්ධන බලපත්‍රය (QR) ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ ඉන්ධන කෝටාවන් වැඩි කිරීම සදහා දත්ත විශ්ලේෂණය කරන බවයි .

මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඉදිරි මාස කිහිපය තුළ ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවද ඔහු දැනුම් දෙනවා.

QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට ඛනිජ තෙල් නිතීගත සංස්ථාව තීරණයක් ගත් බවට ඵලවන මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව සදහන් කරනවා.

ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බවට පලවන මාධ්‍ය වාර්තාකර තිබුණා.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ඉන්ධන බලපත්‍රය අහෝසි කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මේ වන විට නිකුත් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන කෝටාව දත්ත විශ්ලේෂණය කරනු ලබන බවයි.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණ ගනු ලබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?