QR ක්‍රමය අප්‍රේල් 10 ඉවත් කරන්නේ නැහැ – ඇමති කාංචන

ජාතික ඉන්ධන බලපත්‍රය (QR) ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ ඉන්ධන කෝටාවන් වැඩි කිරීම සදහා දත්ත විශ්ලේෂණය කරන බවයි .

මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඉදිරි මාස කිහිපය තුළ ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවද ඔහු දැනුම් දෙනවා.

QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට ඛනිජ තෙල් නිතීගත සංස්ථාව තීරණයක් ගත් බවට ඵලවන මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව සදහන් කරනවා.

ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බවට පලවන මාධ්‍ය වාර්තාකර තිබුණා.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ඉන්ධන බලපත්‍රය අහෝසි කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මේ වන විට නිකුත් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන කෝටාව දත්ත විශ්ලේෂණය කරනු ලබන බවයි.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණ ගනු ලබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14