වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් 38කට වීසා රහිත ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලය පවරා ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මීට ටික වේලාවකට පෙර (02) නිවේදනය කළා.
අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ එක් නිල මුද්දරයක් හෝ මුද්‍රාවක් (‘චොප්’) සමඟ පමණක් වීසා බලපත්‍රයක් හෝ වීසා දිගුවක් නිකුත් කරන සිංගප්පූරුවේ විධිමත් ‘one – chop’ ප්‍රවේශය රජය විසින් අනුගමනය කර ඇති බවයි ‘X’ පණිවිඩයක් තබමින් අලි සබ්‍රි මහතා පැවසුවේ.
වීසා කවුන්ටරවල තදබදය අවම කිරීමට මෙම තීරණය ඉවහල් වන බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව තුළ අලුතින් හඳුන්වා දී ඇති වීසා නිකුත් කිරීමේ ක්‍රමයේ ගැටලුවක් හේතුවෙන් සංචාරකයින් කටුනායක ගුවන් තොටුපළේ ප්‍රමාදයකට මුහුණ දී සිටින බැවින් මෙම පියවර රජය විසින් ගනු ලැබුවා.
මේ අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.
ජනතාව චෝදනා කරන්නේ, දෛනිකව නිකුත් කරන බලපත්‍ර කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.














News eke title ekawath hariyata daa ganna barida? me news eke thiyenne passport issue eka solve kala kiyalada? pissu news site