‘one-chop’ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට – පාස්පෝට් තදබදයට විසඳුමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් 38කට වීසා රහිත ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලය පවරා ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මීට ටික වේලාවකට පෙර (02) නිවේදනය කළා.

අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ එක් නිල මුද්දරයක් හෝ මුද්‍රාවක් (‘චොප්’) සමඟ පමණක් වීසා බලපත්‍රයක් හෝ වීසා දිගුවක් නිකුත් කරන සිංගප්පූරුවේ විධිමත් ‘one – chop’ ප්‍රවේශය රජය විසින් අනුගමනය කර ඇති බවයි ‘X’ පණිවිඩයක් තබමින් අලි සබ්‍රි මහතා පැවසුවේ.

වීසා කවුන්ටරවල තදබදය අවම කිරීමට මෙම තීරණය ඉවහල් වන බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව තුළ අලුතින් හඳුන්වා දී ඇති වීසා නිකුත් කිරීමේ ක්‍රමයේ ගැටලුවක් හේතුවෙන් සංචාරකයින් කටුනායක ගුවන් තොටුපළේ ප්‍රමාදයකට මුහුණ දී සිටින බැවින් මෙම පියවර රජය විසින් ගනු ලැබුවා.

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

ජනතාව චෝදනා කරන්නේ, දෛනිකව නිකුත් කරන බලපත්‍ර කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06