LPL තරගාවලියෙන් පළමු දින තුනේ දී ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට මිලියන 1.8ක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු දින 03 තුළ පැවති තරගවලින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ අරමුදල සඳහා රුපියල් මිලියන 1.8ක මුදලක් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

තරගයක දී එල්ල කරන සෑම හතරේ පහරකටම රුපියල් 4,000ක මුදලක් සහ හයේ පහරක් සඳහා රුපියල් 6,000ක් අදාළ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කරනවා.

ඊට අමතරව තරගාවලියේ යවන සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2,000ක් බැගින් ද ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට බැර කරන බවයි ක්‍රිකට් ආයතනය පෙර නිවේදනය කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවේශපත්‍ර අලෙවියෙන් එකතු කරන මුදලින් කොටසක් ද ලිට්ල් හාර්ට්ස් අරමුදලට ලබාදීමට ද නියමිතයි.

දින දෙකක විවේකයෙන් පසු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අද (04) මහනුවර – පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28