ITAK නව නායකයා ලෙස එස්. ශ්‍රී ධරන් පත්වෙයි

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ලෙසට එස්. ශ්‍රී ධරන් මහතා තේරී පත්ව තිබෙනවා.

ඒ එම පක්ෂයේ අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදීයි. එහිදී පැවති ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 184ක් ලබා ගනිමින් නව නායකයා ලෙසට තේරී පත්වුණා.

නව නායකත්වය වෙනුවෙන් යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් ද නාමයෝජනා භාරදී තිබුණා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය 1949 දෙසැම්බර් 18 වනදා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.ජේ.වී.චෙල්වනායගම් මහතාගේ නායකත්වය යටතේයි ආරම්භ කර ඇත්තේ.

පක්ෂය ආරම්භයේ සිට මේ දක්වා පක්ෂ විධායක සභාවේ එකමතික කැමැත්ත මත පක්ෂ නායකයින් තෝරා ගැනීම සිදුවී තිබෙනවා.

පක්ෂයේ දිස්ත්‍රික් කමිටු නියෝජනය කරන නියෝජිතයින් 321 දෙනෙකු අද පක්ෂ නායකත්වය තේරීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06