IPL පිටියේ සුපිරි හතර දෙනාගේ අවසන් ස්ථාන තුන සඳහා තියුණු සටනක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය ගමන අතර මඟ අවසන් කරන්නට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ඊයේ (19) රාත්‍රියේ සිදු වුණා.

ඒ, ධර්මශාලා හිදී ඊයේ පැවති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණඩායම හමුවේ කඩුලු 04ක පරාජයක් වැළඳගැනීමට සිදුවීමත් සමඟයි.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ තරග 14කට ක්‍රීඩා කරමින් ඉන් තරග 06ක් ජයගෙන තරග 08ක් පරාජය වී මෙවර තරගාවලියට අවසන් කළා.

මේ අතර ඊයේ පැවති තරගය ජයගත් රාජස්ථාන් ක්‍රීඩකයින් ප්‍රසාද ලකුණු සටහනේ එක් ස්ථානයක් ඉරිදියට පැමිණීමට සමත් වූ අතර, මේ වනවිට ඔවුන් එහි 05වන ස්ථානයේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත් ඔවුන්ට ද සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව ඇත්තේ ඉතා සුළු වශයෙන් වීමද විශේෂත්වයක්.

තරගාවලියේ මේ වනවිට සුපිරි හතරදෙනාගේ වටයේ තම ස්ථානය කල්වේලා ඇතිවම වෙන්කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව ඇත්තේ, ඉතිරි ස්ථාන තුන සඳහා කණ්ඩායම් හතරක් අතර තියුණු සටනක් නිර්මාණය කරමින්.

මේ අතර තරගාවලියේ තවත් තියුණු තරග දෙකක් අද (20) පැවැත්වෙන්නේ දිල්ලි නුවර සහ කොල්කටා හී ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගනවලදීයි.

ඒ, අනුව අද (20) දිනයේ පළමු තරගය ලෙස දිල්ලි කැපිටල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් තරගය පැවැත්වෙන අතර, අද රාත්‍රියේ පැවැත්වෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර තරගයයි.

චෙන්නායි පිළට සහ ලක්නව් පිළට අද සහභාගීවන තරග දෙකේ ජයග්‍රහණයන් වැදගත් වන්නේ ඔවුන් සුපිරි හතර දෙනා අතර රැඳී සිටින ස්ථානය තීරණය කිරීම සඳහායි.

මෙම කණ්ඩායම් දෙක අද (20) පැවැත්වෙන තරගවලින් පරාජය වී හෙට (21) දිනයේ පැවැත්වෙන තරග දෙකෙන් මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජස් යන කණ්ඩායම් ජයගතහොත් චෙන්නායි සහ ලක්නව් කණ්ඩායම්වලට මෙවර තරගාවලියෙන් ඉවත්ව යෑමට සිදුවනවා.

1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06