Interpol රතු ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 7ක්

ජාත්‍යන්තර පොලිසියේ (Interpol) රතු නිවේදන ලැයිස්තුව යටතේ පළා ගිය පුද්ගලයන් බවට ලැයිස්තුගත කර ඇති 6,872 දෙනෙකු අතරට ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකුගේ ද නම් ද ඇතුළත්ව තිබෙනවා.

ඉන්ටර් පෝල් වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම හත් දෙනා අතරින් සිව්දෙනකු ශ්‍රී ලංකාවට අවශ්‍යකර සිටින පුද්ගලයන් වශයෙන් ලැයිස්තුගත කර ඇති බවයි. පළාගිය අනෙක් සැකකරුවන් තිදෙනාට ඔවුන්ගේ ප්‍රදේශය තුළ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විදේශ රටවල් විසින් කරන ලද ඉල්ලීම් මත රතු නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රතු නිවේදන ලැයිස්තුවේ නම් සඳහන් පිරිස අතරින් (38) හැවිරිදි ද සොයිසා ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජී, නඩරාජා සිවරාජා (49), මුනිසාමි තර්මසීලන් (50) සහ වික්නරාසා සෙල්වන්තන් (35) යන පුද්ගලයන් ශ්‍රී ලංකාවේ නීතිමය කටයුතුවලට අවශ්‍ය සිටින පුද්ගලයන් බවට ඉන්ටර්පෝල් වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

පුද්ගල ඝාතන නඩුවක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීට සහ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට මෙම රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

තර්මසීලන් අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය බව සිටින අතර සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙනුයි චෝදනා එල්ලවී ඇත්තේ.

සෙසු නම් සදහන් ශ්‍රී ලාංකිකයන් තිදෙනා අතර වවුනියාවේ කුමාරසාමි නවනීතා (52) නමැති පුද්ගලයෙක් වනවා. ඔහු ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් මිනීමැරුමක් සම්බන්ධයෙන් රුමේනියාවට අවශ්‍ය කරන අයෙක් බව සඳහන්.

එමෙන්ම ඇලබොඩගම පදිංචි මොහොමඩ් පව්මි (61) ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඉන්දියාවට ද, යාපනයේ මානික්කවාසගර් විජයරාජා (41) කැනඩාවට ද අවශ්‍ය කරන පුද්ගලයන් බවට ඉන්ටර්පෝල් වෙඩි අඩවියේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?