IMF එකඟතා ලබන සතියේ පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අඅමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

කෑගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ සියලු ගිවිසුම්වලට එළඹීම අවසන් වූ පසු ඒවා ජනතාවට දැක බලා ගත හැකි වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව ලබන 20 වනදා රාත්‍රියේ රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ඒ අනුව එදිනම රාත්‍රියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම එකඟතාවන් පිළිබඳ වෙබ් අඩවියේ පළ කළ වහාම ජනාධිපතිවරයා ඒ පිළිබඳ සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කරනවා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශවවලට ඒ සම්බන්ධයෙන් කතා කිරීමටත් විකල්ප අදහස් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව හිමිවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28