IMF එකඟතාවලින් පාර්ලිමේන්තුවේ කටයුතු සීයට 75ක් – 80ක් ඉටුකර අවසන් – මුදල් රාජ්‍ය ඇමති

ආර්ථික අර්බුදයෙන් ගොඩඑම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ඉටුකර ගනිමින් ඉදිරියට ගමනේ දී පාර්ලිමේන්තුවේ වැඩ කොටසින් 75 % – 80 % ක් පමණ මේ වන විටත් අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ දී අභියෝගාත්මක අනුමතකර ගැනීම් රාශියක් තිබූ බවත්, විවිධ පාර්ශ්ව විසින් විවිධ ප්‍රචාර මඟින් ජනතාව තුළ විශාල කුකුසක්, බියක්, කුතුහලයක් ඇති කළ පසුබිමක වුවද දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය, දූෂණ විරෝධී පනත , මහ බැංකු පනත මෙන්ම බැංකු විශේෂ විධිවිධාන පනත ආදී පනත් රාශියක් පාර්ලිමේන්තුවේ දී සම්මතකර ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.