IMF ඉදිරි වැඩපිළිවෙළටත් ජපානයේ පූර්ණ දායකත්වය ගැනීමට සැලසුම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබාදීමේ ඉදිරි වැඩපිළිවෙළට ද ජපානයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට ක්‍රියා කරන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පවසනවා.

ජපානයේ ටෝකියෝ නුවර පැවති ප්‍රදර්ශනයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

ශ්‍රී ලංකාවට ජපානයෙන් අවශ්‍ය ආර්ථික සහාය යළි ආරම්භ කිරීමට ජපානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සමග යළි සාකච්ඡා කරමින් පවතින බවයි තානාපතිවරයා කියාසිටියේ.

යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජපානයේ මූල්‍යාධාර නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වපසරිය නිර්මාණය කරමින් පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ජපානයේ ටෝකියෝ නුවරදී දෙදින ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.

ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන්.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජපන් ව්‍යාපාරික සංගමය එක්ව මෙය සංවිධාන කර තිබූ අතර ශ්‍රී ලාංකිකයින් මෙන්ම ජපන් ජාතිකයින් ද විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?