IMF ඉදිරි වැඩපිළිවෙළටත් ජපානයේ පූර්ණ දායකත්වය ගැනීමට සැලසුම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබාදීමේ ඉදිරි වැඩපිළිවෙළට ද ජපානයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට ක්‍රියා කරන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පවසනවා.

ජපානයේ ටෝකියෝ නුවර පැවති ප්‍රදර්ශනයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

ශ්‍රී ලංකාවට ජපානයෙන් අවශ්‍ය ආර්ථික සහාය යළි ආරම්භ කිරීමට ජපානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සමග යළි සාකච්ඡා කරමින් පවතින බවයි තානාපතිවරයා කියාසිටියේ.

යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජපානයේ මූල්‍යාධාර නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වපසරිය නිර්මාණය කරමින් පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ජපානයේ ටෝකියෝ නුවරදී දෙදින ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.

ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන්.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජපන් ව්‍යාපාරික සංගමය එක්ව මෙය සංවිධාන කර තිබූ අතර ශ්‍රී ලාංකිකයින් මෙන්ම ජපන් ජාතිකයින් ද විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40