IDH ලොකු දොස්තර කියන කතාව

මාධ්‍ය හරහා විවිධ අවස්ථාවල සමීප වී ඇති අංගොඩ බෝවන රෝග විද්‍යායතනය අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක කොරෝනා කාලයේ තමන්ට සිදුවූ අත්දැකීමක් ගැන කතා කර තිබේ. ඒ මෙසේය. මේ කාලයේ සමාජයේ අප එකිනෙකා ලබන අත්දැකීම් විෂමයි. විවිධාකාරයි.

විශේෂයෙන් බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් වෛද්‍යවරයකු ලෙස ඔබටත් වෙනස් විදිහේ අත්දැකීම් ඇති… අනිවාර්යයෙන්ම. එකත් එකටම මේ අත්දැකීම් එකිනෙකාට සාපේක්ෂයි. මම අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන බව මේ අවට අපේ හිතවතුන් දන්නවා. මගේ බිරිඳ, දරුව ගැන ඔවුන් විශේෂ සොයා බැලීමක් කරනවා.

ඒ නිසා මට මගේ වැඩ කටයුතු කරගෙන යන්න යම් මානසික සහනයක් තිබෙනවා. අපේ ගෙදර අය මාස ගණනාවකින් එළියට ගිහිල්ලා නෑ. කලාතුරකින් මා සමග එළියට බැස්සොත් මිසක. පහුගිය දවසක මම වෙළෙඳ ආයතනයකින් භාණ්ඩ මිලදී ගන්න ගියා. එහිදී සමහරු මාව හඳුනගත්තා අයි.ඞී.එච්. රෝහලේ වෛද්‍යවරයා කියලා.

මට ඒ වෙලාවේ කිවිසුමක් ගියා. ඒ වෙලාවේ එතන හිටපු සියලූදෙනා ක්ෂණිකව ඉවත් වෙලා ගියා. ඔවුන්ගේ බය සාධාරණයි. තවත් අවස්ථාවක අපේ රෝහලේ වැඩ කරන හෙද නිලධාරිනියක් උදේ වැඩට එද්දී එයා හඳුනන කෙනෙක් අහල තියෙනවා ඔබ අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන කෙනෙක් නේද කියලා.

”ඇයි මේ මිනිසුන් ගමන් කරන බස් එක යන්නෙ ඇයි” අහල. ”අපිත් මේ බස් එකේ නොගිහින් වෙන කොහොමද වැඩට යන්නේ කියලා” මිසී විමසලා තිබුණා. අන්තිමේ එ් මිනිසුන් බස් එකේ ගමන් කිරීම නවත්තලා ඒ බස් එකේ ගමන් යා යුතුම නිසා අපේ නිලධාරිනිය බස් එකෙන් බස්සලා. අනිත් මිනිස්සු රැගෙන බස් එක ගිහිල්ලා තිබුණා.

එක් අතකට මිනිසුන්ට දොස් කියන්න බෑ. මේ වසංගතය භයානකයි. එ්ත් අපි වැඩ කරන්නෙත් මිනිස්සු වෙනුවෙන්. සමහර අත්දැකීම් හරි වේදනාකාරී සෝචනීයයි. සමහර අත්දැකීම් හාස්‍ය සතුට ඇරගෙන එනවා.

(උපුටාගැනීම – සුගත් ශාන්ත මොරගහකුඹුර -නවලිය- ඡායාරූප සමන් රණවීර)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23