FIFA ලෝක කුසලානය ආරම්භයට ඔන්න මෙන්න තිබිය දී නෙයිමාර් ආබාධයකට ලක්වෙයි

2026 FIFA ලෝක කුසලානය ආරම්භයට තවත් සති දෙකකට ආසන්න කාලයක් තිබිය දී බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර් ආබාධයකට ලක්ව තිබෙනවා.

බ්‍රසීල දේශීය ලීග් තරගාවලියට එක්ව සිටිය දී ඔහු පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ආබාධය හේතුවෙන් මෙම ඉදිරිපෙළ ක්‍රීඩකයාට තවත් සති තුනකට ආසන්න කාලයක් තරග බිමෙන් ඉවත්ව විවේක ගැනීමට සිදුවන බවයි බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍ය රොඩ්‍රිගෝ ලස්මාර් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ, අනුව ඔහුට පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීල කණ්ඩායම මුහුණ දෙන පෙර පුහුණු තරගවලට සහ ජුනි 13 වන දින නිව් ජර්සි හි අප්‍රිකානු ශූරයන් වන මොරොක්කෝවට එරෙහිව බ්‍රසීලය මුහුණ දෙන ලෝක කුසලාන ගමනේ පළමු තරගය ද නෙයිමාර්ට අහිමිව යන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted