FIFA ලෝක කුසලානයේ ඉතිහාස ගත වූ තරගය ස්වීඩනය පරදා නෙදර්ලන්තය ජයගනී

FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘F’ කාණ්ඩයේ නෙදර්ලන්තය සහ ස්වීඩනය අතර පැවති තරගය ජයගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

නෙදර්ලන්තය මෙම තරගය ගෝල පහට එකක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කළා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ 33 වන තරගය ලෙස පැවති මෙම තරගය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයට ද එක්වීම විශේෂත්වයක්.

ඒ, 1958 පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු, ගෝල 100ක් රැස් කළ වේගවත්ම තරගාවලිය බවට 2026 ලෝක කුසලාන තරගාවලිය පත්වෙමින්.

ස්වීඩනයට එරෙහිව පැවති තරගයේ දී නෙදර්ලන්තය ලබාගත් තුන්වන ගෝලයත් සමඟින් මෙවර තරගාවලියේ ගෝල 100 සම්පූර්ණ කළා.

මෙම ඉතිහාසගත ගෝලය වාර්තා කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක කෝඩි ගැක්පෝට හැකියාව ලැබුණා.

2014 වසරේ දී ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 5-1 ක ජයග්‍රහණයෙන් පසු FIFA ලෝක කුසලාන තරඟයකදී නෙදර්ලන්ත කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාව මෙය වනවා.

මේ අතර 1950 දී බ්‍රසීලයට එරෙහිව ගෝල 7-1 කින් පරාජය වීමෙන් පසු FIFA ලෝක කුසලාන තරඟයක දී ස්වීඩනය ලැබූ දරුණුතම පරාජය මෙය වීමද විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණයත් සමඟ ‘F’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 014ක් ලබාගෙන පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56