EPF/ ETF පෙත්සමට නීතිපතිගෙන් මූලික විරෝධතා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වල දී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබා දී තිබෙන මුදල් කපා හැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධතා මතු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

අන්තර් සමාගම් සේවක සංගමය විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මියයි මෙම දැනුම් දීම සිදු කළේ.

ඇය සඳහන් කළේ මීට අදාළ විරෝධතා දැනටමත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවයි

මෙම පෙත්සම් අද ගාමිණි අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වනදා කැඳවන බවයි.

එදින දෙපාර්ශ්වයේ කරුණු සැලකිරීම් සලකා බලන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළා.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති මුදල් වලින් සියයට අනූ තුනක් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තැන්පත් කර ඇති මුදල් වලින් සියයට අසූ හයක් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන බවයි.

එලෙස රජය විසින් සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගත් ණය කපා හැරීම තුළින් මිලියන විස්සකට අධික වැඩ කරන ජනතාවකට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින්ශී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී අදාළ අරමුදල් වලින් ලබාගත් ණය කප්පාදු කළහොත වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ක්‍රියාව වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර අන්තර් සමාගම් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34