පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අධිකරණය විසින් ලබාදෙන තීන්දු පිළිබඳ දැක් වූ අදහසක් සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබුණා.
ඒ, අනුව අද (13) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් ඔහුට ඉකුත්දා සිතාසි නිකුත් කළා.
එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා අද (13) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පොලිස්පතිවරයා වෙත ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝගය නිකුත් කරනු ලැබුවා.













