spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Breaking News :- විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස එංගලන්තය කිරුළු පළඳියි

2022 පන්දුවාර විස්ස ලෝක ශූරයින් බවට පත්වන්නට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින්.

එංගලන්ත අවසන් මහා තරගය ජය ගත්තේ කඩුලු 05කින්.

ඒ, අනුව 2022 පන්දුවාර විස්ස ලෝක ශූරයින් ලෙස එංගලන්තය කිරුළු පැළඳුවා.

මෙම තරගයේ එංගලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 137ක් රැස් කළා.

එහිදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක බාබර් අසාම් ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී සෑම් කරන් පකිස්ථාන ඉනිමේ කඩුලු 03ක් දවා ගත්තා.

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී එංගලන්තය ජයග්‍රහණය කරා මෙහය වූ බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 51 රැස් කළ අතර, නායක ජොස් බට්ලර් 26ක් රැස්කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?