Binance හැක් කිරීමෙන් ඩොලර් බිලියන භාගයක පාඩුවක්

ලොව විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව වන Binance (බයිනන්ස්) කර්වරුන් විසින් හැක් කිරීමට ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී ඩොලර් මිලියන 570ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එහි ගනුදෙනු සහ අරමුදල් මාරු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

Binance ප්‍රධාන විධායක නිලධාරී Changpeng Zhao ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇති අතර, BNB දාමයේ භාවිතා කරන බ්ලොක්චේන් “පාලමකින්” මෙම ටෝකන සොරකම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

“ඔබේ අරමුදල් ආරක්ෂිතයි, පත් වූ අපහසුතාවයට අපි සමාව අයදින අතර, ඒ අනුව වැඩිදුර යාවත්කාලීන කිරීම් ලබා දෙන්නෙමු” යනුවෙන් Binance හි ප්‍රධාන විධායක නිලධාරියා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46