විදේශ කටයුතු සහ විදේශ රැකියා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ‘බෙංගාල බොක්ක ආශ්රිත බහු-ක්ෂේත්‍ර තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා මුලපිරීම’ (BIMSTEC) හි මහලේකම් තානාපති ඉන්ද්‍ර මනි පාණ්ඩේ සමඟ 2026 නොවැම්බර් 10 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සමුගැනීමේ නිල හමුවක් පැවැත්වුවා.
මෙම හමුවේදී, 2025 වසරේ බැංකොක් නුවර පැවති BIMSTEC සමුළුවේදී තානාපති පාණ්ඩේ සමඟ තමන් සිදු කළ පෙර හමුව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා.
විශේෂයෙන්ම විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදනය සහ මහජන සෞඛ්‍ය යන ක්ෂේත්රයන්හි BIMSTEC සංවිධානය ඉදිරියට ගෙන යාම සඳහා තානාපති පාණ්ඩේ ලබා දුන් නායකත්වය සහ වටිනා දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව ඔහු පළ කළා.
කොළඹ පිහිටි ‘BIMSTEC තාක්ෂණ හුවමාරු පහසුකම’ (BIMSTEC Technology Transfer Facility) සහ දැනට පැවැත්වෙන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍ය මට්ටමේ රැස්වීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, BIMSTEC හරහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම නැවත තහවුරු කළා.
2027 ජනවාරි මාසයේදී තානාපති පාණ්ඩේ ගේ ධුර කාලය අවසන් වීමට නියමිත පසුබිමක, ඔහු සංවිධානය වෙනුවෙන් ඉටු කළ කැපවීම් සහිත සේවය සහ ලබා දුන් වටිනා දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කළා. එසේම, තානාපති පාණ්ඩේ ගේ අනාගත කටයුතු සාර්ථක වේවායි ඔහු සුබ පැතුම් එක් කළා.
