BBC නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

බීබීසී නාළිකා ප්‍රධානියා සහ ප්‍රවෘත්ති ප්‍රධානී එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාකච්ඡාවක් සංස්කරණය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වයක් මත එම නාළිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ දී නිවේදන නිකුත් කරමින් මොවුන් දෙදෙනා එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොවුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ “බීබීසී හි ඉහළම පුද්ගලයින් ඉවත් වන බවයි හෝ සේවයෙන් පහ කරනු ලබන්නේ “ජනවාරි 6 වන දින මගේ ඉතා හොඳ කතාව විකෘති කළ නිසාවෙනි.”

“මේ අය ජනාධිපතිවරණ තරාදියකට නැගීමට උත්සාහ කළ ඉතා වංක පුද්ගලයින්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මෙය මොනතරම් භයානක දෙයක්ද” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?