මත භේදයකට ලක්ව ඇති චීන නැව අද හම්බන්තොට වරායට

මේ වනවිට දැඩි මත භේදයකට ලක්ව ඇති චීනයේ යුවාන් වෑන්ග්-05 සමුද්‍රීය පරීක්ෂණ නෞකාව අද (16) දිනයේ දී හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි.

මෙම නෞකාව ලබන 19 වනදා දක්වා එම වරායේ රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වුණේ.

අවශ්‍ය ආහාර, ඉන්ධන ඇතුළු පහසුකම් ලබාගැනීම සඳහා පසුගිය 10 වනදා මෙම නෞකාව දිවයිනට ලඟා වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය චීනයෙන් කළ ඉල්ලීමකට අනුව එම දිනය කල් දමනු ලැබුවා.

මෙම නෞකාවේ පර්යේෂණ තුළින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ප්‍රකශ කරමින් නෞකාව මෙරටට් පැමිණීම සම්බන්ධව ඉන්දියාව දැඩි ලෙස විරෝධය පළකළා.

කෙසේ වෙතත් මෙරට විදේශ අමාත්‍යාංශය පෙරේදා අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබාදීම සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23