මාලිම්බඩ පොලිස් වසමේ ඕගස්ප පාර වැට කොලුදූව ප්‍රදේශයේ අතු ඇලක තිබී නාදුනන පිරිමි පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
මෙම මළ සිරුර හිස සහ වම් අත පමණක් ජලයෙන් මතුපිටට පෙනෙන අතර එම කොටස්ද සතුන් විසින් කා දමා විනාශයට පත්කර ඇත. මොහු දම් පාටට හුරු කළු පැහැති කමිසයකින් සැරසී සිටි අතර මොහු කවුරුන්ද යන්න හෝ මරණයට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














