බ්‍රිතාන්‍යයේ පැතිර යන ඉහළ ප්‍රචාරණ හැකියාවක් සහිත බී 1-1-7 කොරෝනා වෛරස් ප්‍රභේදය දිවයිනේ ස්ථාන 4 කින් හඳුනාගෙන තිබෙනවා.කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව ප්‍රදේශවලින් ලැබුණු ආසාදිතයන්ගේ සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.
මෙම වෛරස් ප්‍රභේදය මගින් ආසාදිත සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් එය පැතිරුණු රටවල දක්නට ලැබුණා.එමෙන්ම, මෙම වෛරස් ප්‍රභේදය ලොව පුරා නව කොරෝනා රැල්ලක් ඇති කිරීමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයන් ද පවසා තිබෙනවා.මේ වනවිට මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය ලොව රටවල් 50 කට පමණ පැතිරී අවසන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



