කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් සමඟ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

අඟල් 05ක් පමණ කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

61 හැවිරිදි වියේ පසු වූ අදාල උප පොලිස් පරීක්ෂකවරයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පිස්තෝලය සමඟ එම ගිනි අවිට යෙදිය හැකි ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 03ක්, උල් පිහියක්, ව්‍යාජ ලෙස සකස්කරන ලද ජාතික හැඳුනුම්පතක් සහ යතුරුපැදියක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වළදී අනාවරණය වී ඇත්තේ මොහු පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක්ව අසනීප හේතු මත පොලීසියෙන් ඉවත් වූ අයෙකු බවයි.

අදාල ගිනි අවිය මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවත් තම ආරක්ෂාවට එය ළඟ තබාගෙන සිටි බවත් ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරු අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16