දැන් පිල්ලෙයාන් බස් රියදුරු වැඩෙත් කරයි?

මායවට්ටපෙරිල්ලවෙලි ප්‍රදේශයේ මාවෙට්ටුවාන් වැව් බැම්ම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වීමට නියමිතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතාට ශ්‍රී ලංගම බස් රියදුරු වැඩෙත් කරන්නට සිදුවී ඇත.

එම උත්සවයට සහභාගිවීමට පැමිණෙමින් සිටි පිරිසක් රැගත් එම ශ්‍රී ලංගම බස් රථය උත්සව භූමියට කිලෝ මීටර් 20 ක් පමණ දුරකින් නතර කෙරිණි.මාර්ගයේ අබලන් තත්වය නිසා මින් ඉදිරියට බස් රථය ධාවනය කිරීමට නොහැකි බව පවසා රියැදුරා නතර කර තිබේ. එම මාර්ගයේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීමට පැමිණි සිවනේසතුරෙයි මහතා බස් රථය නවතා ඇත්තේ ඇයි දැයි සොයා ඇති අවස්ථාවේදී මාර්ගයේ අබලන් තත්වය නිසා බසය නතර කර ඇති බව දැන ගන්නට ලැබී ඇත.වහාම ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංගම බසයේ රියැදුරු අසුනට නැග උත්සවයට සහභාගි වෙමින් සිටි පිරිස පැමිණි බස් රථය උත්සවය පැවැති ප්‍රදේශය වෙත ධාවනය කර තිබේ. මෙම පිරිස ඉතා ආරක්ෂාකාරීව රැගෙන යන බව පාර්ලිමේන්තු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?