පී.සී.ආර්. ප්‍රතිඵල එන්න පෙර පාසල් ගිය උපාධිධාරිනියට පොසිටිව්

කැලණිය කොට්ඨාසයේ වල්ගම නැගෙනහිර සුභාෂි රාජකීය විද්‍යාලයේ සේවය කළ අභ්‍යාසලාභී උපාධිධාරී සංවර්ධන නිලධාරීනියකට කොවිඩ් වැලඳී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඊයේ (11 වැනිදා) ඇය එම පාසලේ සේවය කරමින් සිටියදීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් ඇය ඔවුන්ගේ භාරයට ගෙන ඇත.

දොම්පේ රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් කර තිබියදී එහි ප්‍රතිඵල නිකුත් වීමට මත්තෙන් පාසලට පැමිණ ඇති බවත් පී.සී.ආර්. ප්‍රතිඵල අනුව ඇයට කොවිඩ් වැලඳී ඇති බව තහවුරු වීමෙන් පසුව මෙසේ ඇයව සොයා ගෙන රෝහල්ගත කර ඇත.

වෙළෙඳ කලාපයේ සේවය කරන ඇගේ සැමියාද එම ආයතනය මගින් මීට පෙර පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර ඔහුට එම රෝගය වැලඳී නැති බවට තහවුරු වී ඇත. පසුව ඇයට ඇති වූ උගුරේ ආසාත්මිකතාවක් හේතුවෙන් ඇය දොම්පෙ රෝහලෙන් පී.සීආර්. පරීක්ෂණයකට යොමු වී ඇති බව අනාවරණය වී තිබේ.

දොම්පේ රෝහලෙන් ඉකුත් 1 වැනිදා ඇය මෙසේ පීසීආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල ඉකුත් 5 වැනිදා පැමිණ ලබා ගන්නා ලෙස රෝහලෙන් ඇයට දැනුම් දී තිබියදී එම නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරමින් ඇය දින 05ක්ම මෙසේ සේවය කළ බව මල්වාන ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.ඩබ්ලිව්.පී. වනසිංහ පැවසීය.

පාසලේ ඇය හා සමීපව ඇසුරු කළ 07 දෙනකු නිරෝධායනයට සහ පීසීආර් පරීක්ෂණවලට යොමු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය. 11 ශ්‍රේණියේ සිසුන් පමණක් මෙදිනවල පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරත වන නිසා ඔවුන් කිසිවෙකු හො අවදානම් තත්ත්වයක නොසිටින බවත් පාසල ගැටලුවක් නොමැතිව පවත්වා ගෙන යා හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කීවේය.

තවද බියගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් යොදා පාසල බිෂබීජහරණය සිදු කර ඇත. මෙම සිද්ධිය ආවරණය කිරීමට පාසල් භූමියට ගිය මාධ්‍යවේදීන්ට විදුහල්පතිවරයා විසින් බාධා කර ඇතත් ඔහු විසින්ම බියගම පොලිසියේ නිලධාරීන් පාසලට ගෙන්වා ගැනීමෙන් පසු පොලිසියේ මැදිහත්වීමෙන් මාධ්‍යවේදීන්ට කරුණු වාර්තා කිරීමට ඉඩ ලැබිණ.

ජයතිලක ගන්නෝරුව – මහර
කේ.එම්.ඩී.එන්. වීරරත්න – කැලණිය
තෙවිඳු දිනයන – දෙල්ගොඩ
ඉසුරු අසංග – සපුගස්කන්ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45