කොරෝනා ආසාදිත O/L සිසුන්ට දිස්ත්‍රික් මටිටමින් විශේෂ මධ්‍යස්ථාන..

කොරෝනා ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට(O/L) විභාගයට මුහුණ දීමට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යස්ථාන ඇති කිරිමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ඒ අනුව එවැනි සිසුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිට විභාගයට මුහුණ දිය හැකි බවයි.

අදාළ මධ්‍යස්ථාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව හඳුනා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර සියලු විභාග මධ්‍යස්ථානවල හුදෙකලා පන්ති කාමරයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

ඒ, නිරෝධායනයට ලක්වන සිසුන් වේ නම් ඔවුන්ට විභාගයට මුහුණ දීමේ පහසුකම් සැලසීමේ අරමුණින් ය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විභාග මධ්‍යස්ථානවල විෂබීජහරණය ඇතුළු සියලු කටයුතු විදුහල්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, කලාප සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා අධීක්ෂණයට උපදෙස් දී ඇති බවයි.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01වැනිදා සිට මධ්‍යස්ථාන 4513 කදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09