ගුවන් යානා 12ක් ගන්න ඇ.ඩොලර් හාරකෝටියක්

යහපාලන ආණ්ඩුව සමයේ ඇමරිකානු ඩොලර් හාරකෝටි හැටලක්ෂ අනූඅටදහස් පන්සිය අනූඑකක් වැය කරමින් ගුවන් යානා 12ක් මිලට ගෙන ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

භාවිතා කළ නොහැකි පැරැණි ගුවන් යානාවක් ඒ අතර වූබව ඇමැතිවරයා කියයි.

එම භාවිතා කළ නොහැකි ගුවන් යානාවේ ආසන නිසි ලෙස නොතිබූ බවද පැවැසූ ඇමැතිවරයා ඒ සඳහා අලුතින් ආසන ගෙන්වා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන හතර හමාරක් වැය කර ඇතැයිද කීය. මෙරටට ගෙන්වූ දිනයේ සිට ගාල් කර තිබීම නිසා එම ගුවන් යානය හැඳින්වූයේ ‘නත්තල් ගස’ යනුවෙන් බවද මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පැවසීය.

2015 වසරේ දී ගුවන් යානා 05ක්ද, 2017 දී ගුවන් යානා 06ක්ද. 2018 දී එක් ගුවන් යානාවක්ද වශයෙන් යහපාලන කාලයේ දී ගුවන් යානා 12ක් ගෙන්වා ඇතැයිද හෙතෙම කීවේය. ඒ සඳහා වැයවූ මුදල 2015 දී ඇමරිකන් ඩොලර් එක්කෝටි හැටහය ලක්ෂ දහ අටදහස් නවසිය හැත්තෑවක් (16,618970) ක් වන අතර 2017 දී ඇමෙරිකන් ඩොලර් එක්කෝටි හැට නව ලක්ෂ හැට තුන්දහස් අටසිය හැට නවයක් (16,963869) 2018දී වැය වූ මුදල් ඇමෙරිකන් ඩොලර් විස්පන් ලක්ෂ පහළොස් දහස් හත්සිය පනස් දෙකක් (2515752) බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ගුවන් යානා හතරක් මිලදී ගැනීමට අත්සන් කළ ගිවිසුම් යහපාලන රජය අවලංගු කිරීම නිසා ඇමරිකන් ඩොලර් මිලියන 110 වන්දියක් ගෙවීමට සිදු වූ බවද මෙහි දී සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

මෙම ගිවිසුම් අවලංගු කර ඇත්තේ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව බව හෙතෙම කියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45