ගෝඨාභයට යළි මෙරටට පැමිණීමට මෙය සුදුසු කාලය නෙවෙයි – ජනපති රනිල්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

The Wall Street Journal පුවත් වෙබ් අඩවිය සමඟ ඊයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බවත්, එය දේශපාලන ආතතීන් ඇවිලවිය හැකි බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඔහු ඉක්මනින් ආපසු එන බවට මට කිසිඳු හෝඩුවාවක් ලැබී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන් අගෝස්තු අග වන විට එළැඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.

එමෙන්ම මෙරට පුද්ගලයින්ට ඔවුන්ගේ ආර්ථික තත්ත්වයන්හි කැපී පෙනෙන දියුණුවක් දැක ගැනීමට නම් තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01