පළමු පාසැල් වාරයේ ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ගාල්ලේ ළමුන් 95 කට කොරෝනා ආසාදනය වෙලා

පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ (10) දිනය දක්වා ගතවු කාලය තුලදි  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ.සිංගාරච්චි පවසනවා.

මින් පාසල් දරුවන් අති බහුතරයට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ  පවුලේ අයෙකුට හා ඥතියෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින්  සිටියදි  බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පැවසුවේ. මොවුන්ගේ  පළමුපෙළ ආශ්‍රිතයින් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනෙකු හා ගුරුවරු 19 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියලු දෙනා නිරෝධායනය කිරිමට කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ දිනය දක්වා ගතවු කාලය තුල කොරෝනා වෛරසය ආසාදනය වු පාසල් දරු දැරියන් 95 දෙනාගෙන් පාසල් 21ක දරු දැරියන් 33 දෙනෙකුටම  කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ ඉකුත් සති දෙක තුලදි බවයි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේ.  එම සති දෙක තුල එක් ගුරුවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ කාලය තුල දි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ  පදිංචි පාසල් දරු දැරියන් 07 දෙනෙකුට, අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි දරු දැරියන් 02නෙකුට, බද්දේගම ප්‍රදේශයේ  එක් සිසුවියකට, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් දරු දැරියන් 07 දෙනෙකුට හා ගුරුවරුන් 02 නෙකුට, බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචි පාසල් දරු දැරියන් 22ක් හා එක් ගුරුවරයෙකුට, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවන් 02 කට, හබරාදුව ප්‍රදේශයේ පදිංචි දරුවන් 08 දෙනෙකුට, හික්කඩුව ප්‍රදේශයේ දරුවන් 02 කට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පැවසුවේ. පවසයි. 

මිට අමතරව ඉමදුව සහ ඉඳුරුව ප්‍රදේශයේ පාසල් දරුවන් දෙදෙනෙකුට, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් දරු දැරියන් 04 දෙනෙකුට, ගාල්ල නගර සභා බල ප්‍රදේශයේ පදිංචි පාසල් දරු දැරියන් 08 දෙනෙකුට, නෙළුව ප්‍රදේශයේ 17 දෙනෙකුට, රත්ගම ප්‍රදේශයේ 05 කට, උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි පාසල් දරු දැරියන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසා සිටියා.

වැඩිම කොරෝනා ආසාදිත පාසල් දරු දැරියන් වාර්තා වන්නේ ගාල්ල, නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 17කි.  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල කොරෝනා පොකුරක් නිර්මානය විමට ඉඩ නොදි එය ඉතා සාර්ථක ලෙස පාලනය කොට ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06