ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

තරගාවලිය ජය පැරදුමෙන් තොරව නිමා කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව තිබෙනවා.

ඒ. අනුව පළමු තරගය ක්‍රීඩා කළ මහිෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහ වේගපන්දු යවක ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ එක්වන මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය වන්නේ ද මෙම තරගයයි.

එමෙන්ම පාකිස්ථාන කණ්ඩායමේ ද වෙනස්කම දෙකක් සිදුකර තිබෙනවා.

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ශාහින් අෆ්රිඩි වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නෝමාන් අලී කැඳවා ඇති අතර ෆවාඩ් අලාම් කැඳවා ඇත්තේ අසාර් අලී වෙනුවටයි.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්. ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල. රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, දුනිත් වෙල්ලාලගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?