අද්භූත යානයකින් මෝහනය කළ වෛද්‍යවරියක්

එක්දහස් නවසිය ගණන්වල අවසාන භාගයේ ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නොර්වීජියානු රාජ්‍ය දූතයකු ලෙස කටයුතු කළේ ස්විල් කිල්ඩේය. ඔහුගේ බිරිඳ රාවුන් ලීනා ලුකානන්ය. ඇය 1975 සිට 1987 දක්වා ලැප්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කළාය. එවකට ඇයගේ වයස අවුරුදු පනස් ගනණක් විය.  


එක්දහස් නවසිය අසූ පහේ එක්තරා දිනයක ඇය කාමරයේ තනිවම නිදාගෙන සිටියාය. වෙලාව රාත්‍රී එකොළහට ආසන්නව තිබුණි. එදින පසළොස්වක පොහොය දිනයට සමීප දිනයක් විය. එනිසා පරිසරයම සඳ එළියෙන් නැහැවෙමින් තිබුණි. ජනෙල් රෙදි ආවරණයක් නොතිබූ විවෘත ජනේලය තුළින් බාහිර පරිසරය හොඳින් දර්ශනය වෙමින් තිබුණි.  


එකවරම ඇය නිදා සිටි කාමරය කොළ පැහැති ආලෝකයකින් බැබලෙන්නට විය. ඒ සමගම ඇය අවදි විය. ඇය දෙනෙත් විවරකර බැලුවාය. රිදී පැහැයෙන් දිදුලන වෘත්තාකාර විශාල යානයක් ඇයගේ ජනේලයට සමාන්තරව නවතා තිබුණි.  


එය පිටසක්වල යානාවක් බව ඇයට සැණෙකින් වැටහුණි. කොළ පාට දීප්තිමත් ආලෝක දහරාව ගලා ආවේ එම පිටසක්වල යානයේ විවර කර තිබූ දොරටුවෙනි. ඒ දීප්තිමත් එළිය වෛද්‍යවරියගේ සිරුර මත පතිතවීමත් සමඟම ඇයගේ සිරුර ගැහෙන්නට විය. ඊළඟට ඇයට වැටහුණේ ඒ ආලෝක කදම්බය ඔස්සේ තමන් පිටසක්වල යානය දෙසට ඇදී යන බවය. සිදුවූ දෙයින් ඇයට මතක එපමණය.  
පසුදින උදෑසන ඇය තම කාමරයේ තම යහන මත එලෙසින්ම සිටියාය. ඇය එදින අවදිවූයේ වෙනත් දිනවලට වඩා තරමක් පමාවීය. නින්දෙන් අවදි වූ ඇයට තමන්ගේ සිරුරේ කිසියම් වෙනසක් සහ වේදනාවක් දැනුණි.  
ගෙවී ගිය රාත්‍රියේ පිටසක්වල වාසීන් තමන්ගේ සිරුරේ කිසියම් වෙනසක් සිදුකර ඇති බව ප්‍රවීණ වෛද්‍යවරියක වූ ලීනාට සැනකින් අවබෝධ විය. නමුත් එය කුමන වෙනසක් ද යන්න ඇයට නිශ්චිතව අවබෝධකර ගැනීමට නොහැකි විය.  


නමුත් එක්දහස් නවසිය අසූ අට වනතුරුම මේ සිද්ධිය පිළිබඳව ප්‍රසිද්ධියේ පැවැසීමට ඇය අකැමැති විය. 1988 වර්ෂයේ ජිනීවා නගරයේ මනෝ විද්‍යාඥයින්ගේ සම්මන්ත්‍රණයක් පැවැත්වුණි. එහිදී මනෝ විද්‍යාඥයින් විසින් ලීනා මෝහනයට පත්කරන ලදී. එක්තරා රාත්‍රියක පිටසක්වල ජීවීන් තමන්ගේ සිරුරෙහි සිදුකරන ලද වෙනස්කම් පිළිබඳව ඇය හෙළි කළේ මෙම මෝහන තත්ත්වයේදීය. එහිදී ඇය පිටසක්වල ජීවීන් බොහෝ වාරයක් මුණගැසී ඇති බව හෙළි කළාය.  


එක්දහස් නවසිය අසූ පහේ දිනයක ඇය සිය මිතුරියත් සමග ලැප්ලන්තයේ කුඹුරක කතාබහක යෙදෙමින් සිටියාය.  
ඔව් කියන්න එදා රාත්‍රියේදී ඔබ කුඹුරේදී දැක්ක දෙය මනෝ විද්‍යාඥයා මෝහනයට පත්ව සිටි ලීනාගෙන් ඇසුවාය.  
මම පිටසක්වල යානාවක් දැක්කා.  
කොහොමද එම යානාවෙ ස්වරූපය  
එය ගෝලාකාර එකක්  
මොකක්ද එහි පැහැය. එය රිදී පැහැති වස්තුවක්ද?  
නැහැ. ඒ ගෝලාකාර වස්තුව කහ පාටයි.  
ඔබට කොපමණ දුරකින්ද ඔබ එය දර්ශනය කළේ?  
අපට ඉදිරියෙන් අඩි අනූවක් පමණ ඉහළ අහසේ  
යානාවේ ඔබ වෙන විශේෂ යමක් තියෙනවා දැක්කද?  
ඔව් එහි විවර කළ කවුළුවක් මම දැක්කා  
ඔබ එහි විස්තර දිගටම කියන්න  
යානාව ඇතුළේ පිටසක්වල ජීවීන් කීපදෙනෙක් මා දෙස බලාගෙන සිටියා.  


මතකද ඔබට ඔවුන්ගේ ස්වරූපය  


ඔවුන් අඩි තුනක් විතර උස ඇති. ලොකු විශාල හිස් ඔවුනට තිබුණා. කළු පාට විශාල ඇස් දෙකක් ඔවුනට තිබුණා. හැබැයි ඔවුනට නාසයක්වත් දන්වත් තිබුණේ නැහැ.  


මේ අතර එම මෝහන තත්ත්වයේදී ලීනා ලුකානන් මහත්මිය පිටසක්වල ජීවීන්, තුන්වරක් තමන්ගේ ජීවිතය බේරාගෙන ඇති බව හෙළිකළාය.  


එක් දිනක් ඇය සිය මෝටර්රථය ධාවනය කරමින් සිටියදී එය බස් රථයක් සමග ගැටී අනතුරට පත්විය.  
ඒ අනතුරත් සමග මොකද සිදු වුණේ?  
මට සිහිය නැතිව ගියා  
ඔව් ඊළඟට  
මට සිහිය එද්දී පුංචි පිටසක්වල ජීවියෙකු මට ප්‍රථමාධාර දෙමින් සිටියා.  
ඔහුත් අඩි තුනක් විතර උස ඇති. කළුපාට විශාල හිස සහ කළුපාට විශාල ඇස් තිබුණා. ඔහුට විශාල නාස් පුඩු තිබුණා.  
ඒ පිටසක්වල ජීවියා ඔබට ප්‍රථමාධාර දුන්නය කිව්වනේද?  
ඔව්  
මොනවද ඒ  
ඔහු මගේ අක්මාව ප්‍රදේශයේ යමක් ආලේපය කරමින් සිටියා.  
ඊළඟට මොකද වුණේ?  
එතැනට සෙනඟ පිරෙන්න පටන්ගත්තා. එතකොටම පිටසක්වල ජීවියා අතුරුදන් වුණා.  
රැස්වූ පිරිස ලීනා රෝහලට රැගෙන ගියහ. එහිදී වෛද්‍යවරු ඇයගේ අක්මාවට තුවාල සිදුවී ඇති බව වටහා ගත්හ. නමුත් පිටසක්වළ ජීවියා තමන්ගේ අක්මාවේ රුධිරය වහනයවීම නවත්වා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන ඇති බව ඇය අවබෝධ කරගත්තේය.  
තවත් වරෙක ඇය මෝටර් රථය වේගයෙන් පදවාගෙන යද්දී එය පාලනය කරගත නොහැකිව සමීපයෙන් ඇති ප්‍රපාතයකට ඇද වැටෙන්නට ගියේය. ඒ මොහොතේද පිටසක්වළ ජීවීන් පිරිසක් ඇයගේ මෝටර්රථය ඉවතට ඇද ඇයගේ ජීවිතය බේරාගෙන ඇත.  
තවත් වරෙක ඇය කැලයක් මැදින් තම මෝටර්රථය පදවමින් සිටියාය. එවිට කුලප්පුවූ ගෝනකු ඇයගේ මෝටර්රථය ඉදිරියට පැන ඇත. එවිටද පිටසක්වල ජීවීන් පිරිසක් ඉදිරියට පැන එම කුලප්පුවූ ගෝනා ඉවතට දමා ඇත.  


ඇය තම කාමරයේ නිදා සිටියදී කවුළුව තුළින් පිටසක්වල යානයට රැගෙන ගියවිට එහි සිටි පිටසක්වල ජීවීන්ගේ උස අඩි දෙකකට ආසන්න විය. ඔවුනට තිබුණේ ඉතාම කුඩා හිස්ය. දීප්තිමත් කළු පැහැති ඇස් ඔවුන් සතුවිය. ඔව්හු සියලු දෙනාම හිස් වැසුම් සහ අත්මේස් පැළඳ දිගු කබා වලින් සැරසී සිටියහ.  
දොස්තර රාවුනි ලීනා ලූකානන්ට කිසියම් ශල්‍යකර්මයක් සිදුකරන ලද්දේ ඒ කුඩා පිටසක්වල ජීවීන් විසිනි.  
ඇය පවසන්නේ පිටසක්වල ජීවීන් ඇයගේ මොළය පරීක්ෂා කර කිසියම් උපකරණයක් එහි රඳවන්නට ඇති බවය. නමුත් එය කුමක් සඳහා භාවිතා වෙන්නේද යන්න පිළිබඳව ඇයට සිතාගත නොහැක.  


වෛද්‍ය රාවුනි ලීනා ලුකානන්ගේ ඒ අද්භූත විස්තරය ඇසූ කැලිෆෝනියාවේ එවකට ෆිනිසියානු තානාපති මිර්ජා කොවිරුබියාස් පැවසුවේ ලුකනාත් මහත්මිය අවංක උසස් කාන්තාවක් බවත්, තමන් හා පිටසක්වළ ජීවීන් සම්බන්ධ කර අසත්‍ය ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නොවන බවය.

පීටර් කැනියුට් පෙරේරා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06