මුහුදු පතුළට රැගෙන ගිය විස්සයි විස්ස ලෝක කුසලානය (ඡායාරූප)

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර තරගාවලිය ජයග්‍රාහකයින් වෙත ලබාදෙන කුසලානය ඕස්ට්‍රේලියා මුහුදු සීමාවේ පිහිටා ඇති මහා බාධක කොරල්පරයට රැගෙන ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා සහ ක්‍රිකට් නිවේදිකා එරින් හොලන්ඩ් එක්ව මෙම කුසලානය මහා බාධක කොරල්පරය පිහිටි මුහුදු පතුල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ තරගාවලියේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙය සංවිධානය කර තිබූ බවයි.

විස්සයි විස්ස ලෝක කුසලානය ප්‍රදර්ශනය සඳහා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක් පුරා රැගෙන යාම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

00e735d4 e106 4207 bbfb f5ce89988d14
6f247a42 987d 4cb7 adb2 1bbca26c7808
7d1c90be5b84b3001bef25d52c4df60a
111646
948028bbc7fe75ba27f017e13fb94744
db16a9f0 e8f5 49cf b3c0 64c28875a27f
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?