AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රභාත් ජයසූරියගෙන් ටෙස්ට් වාර්තාවක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සිය පළමු ටෙස්ට් තරග දෙකේදීම කඩුලු 05 බැගින් දවාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට අද සමත් වුණා.

ඒ, පාකිස්ථානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පාකිස්ථාන පළමු ඉනිමේ කඩුලු 05ක් දවාගනිමින්.

ප්‍රභාත් මේ වනවිට පන්දුවාර 27ක් යවා ලකුණු 59කට කඩුලු 05ක් දවාගෙන සිටිනවා.

ඔහු මෙම සුවිශේෂී දක්ෂතාවය දැක්වූ ලොව 08 වන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසටයි වාර්තා අතරට එක් වන්නේ.

ඕස්ට්‍රේලියාව සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු කඩුලු 12ක් ඉනිම් දෙක තුළ දවා ගැනීමට සමත් වුණා.

එම තරගය ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩාකළ මංගල ටෙස්ට් තරගයයි.

මේ අතර පාකිස්ථාන දෙවැනි ඉනිමේදී ඔහුට තවත් කඩුලු 05ක් දවා ගැනීමට හැකි වුවහොත් පළමු ටෙස්ට් තරග දෙකේදීම ඉනිම් හතර තුළ කඩුලු 05 බැගින් දවාගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වනවා.

8 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?