ප්‍රභාත් ජයසූරියගෙන් ටෙස්ට් වාර්තාවක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සිය පළමු ටෙස්ට් තරග දෙකේදීම කඩුලු 05 බැගින් දවාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට අද සමත් වුණා.

ඒ, පාකිස්ථානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පාකිස්ථාන පළමු ඉනිමේ කඩුලු 05ක් දවාගනිමින්.

ප්‍රභාත් මේ වනවිට පන්දුවාර 27ක් යවා ලකුණු 59කට කඩුලු 05ක් දවාගෙන සිටිනවා.

ඔහු මෙම සුවිශේෂී දක්ෂතාවය දැක්වූ ලොව 08 වන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසටයි වාර්තා අතරට එක් වන්නේ.

ඕස්ට්‍රේලියාව සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු කඩුලු 12ක් ඉනිම් දෙක තුළ දවා ගැනීමට සමත් වුණා.

එම තරගය ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩාකළ මංගල ටෙස්ට් තරගයයි.

මේ අතර පාකිස්ථාන දෙවැනි ඉනිමේදී ඔහුට තවත් කඩුලු 05ක් දවා ගැනීමට හැකි වුවහොත් පළමු ටෙස්ට් තරග දෙකේදීම ඉනිම් හතර තුළ කඩුලු 05 බැගින් දවාගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වනවා.

8 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51