‘ජාතික ඉන්ධන බලපත්‍රය’ ලබාගැනීමට ලියාපදිංචි විය යුත්තේ මෙහෙමයි

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ ලබාගැනීමට සඳහා fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ වනවිට පැවැත්වෙන ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව යම් පුද්ගලයෙකුට සිය ජාතික හැඳුනුම්පත් අංකය, විදෙස්ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය යත්තේ මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊට අමතරව නම, ලිපිනය, දුරකථන අංකය, පාවිච්චි කරනු ලබන වහනය වැනි තවත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කළ යුතු වනවා.

එම ලියාපදිංචියෙන් පසු හිමිවන QR කේතය ඉන්ධන ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු වනවා.

කෙසේ වෙතත් එක් ජාතික හැඳුනුම්පත් අංකයකට, විදෙස්ගමන් බලපත්‍ර අංකයකට හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකයකට ලියාපදිංචි කළ හැක්කේ එක් වහනයක් පමණක් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වාහන කිහිපයක් හිමි අයෙකු නම් ඔහුගේ ඥාතියෙකුගේ හෝ හිතවතෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකයකට හෝ විදෙස්ගමන් බලපත්‍ර අංකයකට අනෙක් වාහන ලියාපදිංචි කළ හැකි බව ඔහු එහිදී දැනුම් දුන්නා.

  1. හරියට OTP එකවත් එන්නේ නෑ. බග්ස් මුකුත් නැතුව ඇප් එක හදන්නවත් බැරි ආන්ඩුවක්. 😂😂

  2. මෙ සියලුම දේටම වඩා හුගක් උචිතම දේ වන්නෙ රජයෙ නිවෙදනයක් නිකුත් කරන්න ඔිින “” ලොක වෙළදපොලේ බොර තෙල් මිල අඩු වෙන “”බැවින් ඊ ලග වතාවෙ හො ඉතා ඉක්මනින් ඉන්දන මිල රැ 135/= කින් පමන පහළ දමනු අැත. යනුවෙන්.
    ජනතාව එතකොට තොග රැස් කිරිම නොකරන අතර තමන්ට අවශ්්‍යය ප්‍රරමානය පමනක් ලබා ගෙන පොලිමද ඉක්මනින් අවසන් වි ඉන්ධන හල්වල ඉන්ධනද තිබෙි.

  3. වර්ණකුලසූරිය ප්‍රින්සි බ්‍රිජට් ෆෙර්නෑන්ඩෝ වර්ණකුලසූරිය ප්‍රින්සි බ්‍රිජට් ෆෙර්නෑන්ඩෝ

    රටක් වැටුන තැනක්.මේ ක්‍රමේ ආවා කියලා අවශ්‍ය ප්‍රමාණයකට ඉන්ධන කාටවත් ලැබෙන්නේ නැනේ.පොදු ප්‍රවාහන දියුණු කරපල්ලා අඩුම තරමේ අහිංසක ජනතාවට රස්තියාදු නොවි යන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56