spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ ලබාගැනීමට ලියාපදිංචි විය යුත්තේ මෙහෙමයි

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ ලබාගැනීමට සඳහා fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ වනවිට පැවැත්වෙන ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව යම් පුද්ගලයෙකුට සිය ජාතික හැඳුනුම්පත් අංකය, විදෙස්ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය යත්තේ මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊට අමතරව නම, ලිපිනය, දුරකථන අංකය, පාවිච්චි කරනු ලබන වහනය වැනි තවත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කළ යුතු වනවා.

එම ලියාපදිංචියෙන් පසු හිමිවන QR කේතය ඉන්ධන ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු වනවා.

කෙසේ වෙතත් එක් ජාතික හැඳුනුම්පත් අංකයකට, විදෙස්ගමන් බලපත්‍ර අංකයකට හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකයකට ලියාපදිංචි කළ හැක්කේ එක් වහනයක් පමණක් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වාහන කිහිපයක් හිමි අයෙකු නම් ඔහුගේ ඥාතියෙකුගේ හෝ හිතවතෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකයකට හෝ විදෙස්ගමන් බලපත්‍ර අංකයකට අනෙක් වාහන ලියාපදිංචි කළ හැකි බව ඔහු එහිදී දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
466
Subscribe
Notify of
13 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?