භානුක ගාල්ලෙන් දඹුල්ලට

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ නායකත්වය දැරූ සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ මෙවර තරගාවලියේ දී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමඟින් එක්වන බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය තරගාවලි දෙක තුළ නියෝජනය කළ ජැෆ්නා කණ්ඩායමෙන් ඉවත්වන බව ඊයේ (03) වාර්තා වුණා.

ඒ, සඳහා ඔහු සිදුකළ ඉල්ලීමට ජැෆ්නා කණ්ඩායමේ අවසරය ද හිමිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වනිඳු මෙවර තරගාවලියේ දී කැන්ඩි වෝරියස් කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර මෙම වසරේ ජූලි අග දී ආරම්භ වීමට නියමිත අතර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

මේ අතර මෙවර තරගාවලියට අදාල ක්‍රීඩක තෝරා ගැනීම් හෙවත් ක්‍රීඩක කෙටුම්පත් (Player draft) සඳහා වන දිනය ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව ක්‍රීඩක කෙටුම්පත් ජුලි 05 වැනිදා එනම් හෙට දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43