spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භානුක ගාල්ලෙන් දඹුල්ලට

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ නායකත්වය දැරූ සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ මෙවර තරගාවලියේ දී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමඟින් එක්වන බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය තරගාවලි දෙක තුළ නියෝජනය කළ ජැෆ්නා කණ්ඩායමෙන් ඉවත්වන බව ඊයේ (03) වාර්තා වුණා.

ඒ, සඳහා ඔහු සිදුකළ ඉල්ලීමට ජැෆ්නා කණ්ඩායමේ අවසරය ද හිමිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වනිඳු මෙවර තරගාවලියේ දී කැන්ඩි වෝරියස් කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර මෙම වසරේ ජූලි අග දී ආරම්භ වීමට නියමිත අතර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

මේ අතර මෙවර තරගාවලියට අදාල ක්‍රීඩක තෝරා ගැනීම් හෙවත් ක්‍රීඩක කෙටුම්පත් (Player draft) සඳහා වන දිනය ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව ක්‍රීඩක කෙටුම්පත් ජුලි 05 වැනිදා එනම් හෙට දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?