බුම්රාගේ ලෝක වාර්තාවෙන් කණගාටුවට පත් වූ පීටර්සන්

එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ වැඩ බලන නායක ජස්ප්‍රිට් බුම්රා ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ සමත් වුණා.

ඒ, ටෙස්ට් තරගයක දී පන්දු වාරයක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්.

එහිදී බුම්රා ස්ටුවර්ට් බ්‍රෝඩ් යොමු කළ පන්දුවාරයකදී ලකුණු 35ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහු බිඳ දමනු ලැබුවේ මිට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක බ්‍රයන් ලාරා විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.

ලාරා මීට පෙර දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක රොබින් පීටර්සන්ගේ පන්දුවාරයකට ලකුණු 28ක් රැස් කර ගනිමින් ටෙස්ට් තරගයක පන්දුවරයක දී ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්ව සිටියා.

කෙසේ වෙතත් බුම්රා විසින් මෙම වාර්තාව බිඳ දැමීමත් සමඟ, මීට පෙර බ්‍රයන් ලාරාට එම වාර්තාව පිහිටුවීමට පන්දු යැවූ රොබින් පීටර්සන් සිය ට්විටර් ගිණුමට සටහනක් එක්කර තිබුණා.

“අද මගේ වාර්තාව නැතිවීම ගැන කණගාටුයි, මම හිතන්නේ වාර්තා ඇත්තේ බිඳ දැමීමටයි” යනුවෙන් රොබින් එම ට්විටර් සටහනේ දක්වා තිබුණා.

1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38