ඔස්ට්‍රේලියාව ලකුණු 101ක් ඉදිරියෙන්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වුණා.

දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් පසුවනවා.පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 313ක්.උස්මන් කවාජා ලකුණු 71ක් ලබාගත්තා. ඩේවිඩ් වෝනර් 25යි. කැමරන් ග්‍රීන් ලකුණු 77යි.

ඇලෙක්ස් කැරේ ලකුණු 45ක් රැස් කළා.පැට් කමින්ස් ලකුණු 26ක් සහ නේතන් ලයන් ලකුණු 8ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.

පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් ඔස්ට්‍රේලියා ඉනිමේ කඩුලු 4ක් බිඳහෙළුවා.ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු දෙකක් දවා ගත්තා. ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 212යි.