වසර 30කට පසු වාර්තා අලුත් කල සිංහ පෝතකයින් මාධ්‍ය හමුවේ කියූ අමුතු කථාව

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතුවිය.ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී මෙලෙස පරාජයට පත්වූයේ වසර 30කට පසුවය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 106කදී ලකුණු 110ක් රැස්කරගැනීමට සමත්විය.ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10ක් ඇතුලත් විය.ධනංජය ද සිල්වා පන්දු 61කදී ලකුණු 60ක් රැස්කරගැනීමට සමත්විය.