අනුරුද්ධ බණ්ඩාර යළි අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගාලු මුවදොර අසල මේ වනවිට ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය කරමින් සිටියදීයි.

අනුරුද්ධ බණ්ඩාර පසුගියදා ජනාධිපතිවරයාගේ මිරිහානේ පෞද්ගලික නිවස අසල පැවති කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්