ඔන්ලයින් ක්‍රමයට පාසල් පවත්වනවා ද යන්න පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන ඇමති ප්‍රධානත්වයෙන්

පාසල් ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාමට සිදුවුවහොත් දුෂ්කරතා අවම කරගනිමින් එම කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන්.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේ දී ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම සිදුකරන ආකාරය පිළිබඳව යෝජනා කිහිපයක් ඉදිරිපත්වව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

පවතින තත්ත්වය සමාලෝචනය කරමින් තවදුරටත් සාකච්ඡා සිදු කරන බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?