AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ලබන සතියේ සිට අවස්ථාව

ලබන සතියේ සිට රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ආරම්භ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දැනට රාජ්‍ය සේවකයින්ට විශාල අතිරේක වියදමක් දරන්නට සිදුවන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම රැකියාවට පැමිණීමට අපහසු රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට ලබාදෙන සහනය උපයෝගී කරගනිමින් තමන් වාසය කරන ප්‍රදේශයේ කෘෂිකර්මයේ යෙදීමට අවශ්‍ය නම් ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහයෝගය හා විවිධ සහන බලදෙන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?