AFC Banner
Empty Ad
Empty Ad

සල්මන් ඛාන් ඝාතන තැත වරදියි

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සල්මන්ගේ නිවස ආසන්නයේ දී මෙම ඝාතනය සිදු කිරීමට අපරාධකරුවන් සැලසුම්කර තිබූ බවයි.

සල්මන් නිවස අසල පාපැදියක ගමන් කරමින් සිටිය දී මෙලෙස ඔහුට වෙඩි තැබීමට උත්සහ දරා ඇති අතර එම උත්සාහය ව්‍යර්ථ වී ගොස් තිබෙනවා.

ලෝරන්ස් බිෂ්නෝයි නැමැති මැර කල්ලිය විසින් යවන ලද වෙඩික්කරුවෙකු විසින් මෙම අපරාධය සිදු කිරීමට උත්සාහ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

හොකී පිත්තක සැඟවූ තුවක්කුවකින් මෙම වැඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට දින කිහිපයකට පෙර සල්මාන්ගේ පියා වන සලීම් ඛාන්ට ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් ද යොමුකර ඇති බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.

සල්මන් ඛාන්ට සහ ඔහුගේ පියාට නුදුරේදීම ගායක මූස්වාලාගේ ඉරණම අත්වන බවට එම ලිපියෙන් තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?