රජයට අයත් වන රක්ෂිතවල කොස් ගස් වල කොස් කඩා ගැනීම සඳහා වනාන්තරවලට ඇතුළුවීමට මුදල් අයකිරීමකින් තොරව බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.
රක්‍ෂිත වනාන්තර වැවෙන කොස් සහ දෙල් ජනතාවට ලබා ගැනීමට අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් තුන් දහසක් පමණ රට පුරා තිබෙන බවත් ඒ ඉඩම්වල හටගන්නා කොස් ගස් යට වැටී කුණුවී යන බව නිළධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
එමෙන්ම මෙවර වන රක්ෂිතවල කොස් ඵලදාව ඉහළ ගොස් ඇති බව නිලධාරීහු පෙන්වා දී ඇත.
මෙරට වාර්ෂික අස්වැන්න දී කොස් ගෙඩි කෝටි 28 ක් පමණ වන බවත් එයින් ප්‍රයෝජන ගන්නේ කෝටි අටක් පමණ වන බවත් ඉතිරි සියල්ල ප්‍රමාණය අපතේ යන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු පෙන්වා දීමත් සමගයි.